1990 සුවසැරිය ගිලන්රථ සේවය අදියර කිහිපයක් ඔස්සේ වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

සුව සැරිය ගිලන්රථ සේවය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය අද (18) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හැකි ඉක්මනින් අනුමත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් 1990 ගිලන්රථ සේවය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඉදිරියේදී 1990 ගිලන්රථ ගණන 450 දක්වා වැඩිකිරීමට සැලසුම් කර ඇතැයි ද, රියදුරන්ගේ ගැටලු සහ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් යන බවද ප්‍රාථමික සහ ද්විතීක සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ යටතේ මෙම කටයුතු සිදුවන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here