හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක වන චන්දුලා රමලි රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) පෙරවරු 11.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.
එම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.