පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු (08) දින පස්වරුවේ සිට එක් මංතිරුවකට සිමා කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි (07) දින රාත්‍රි 7.45 ට පමණ ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් සමග පස් සහ ගල් පෙරලිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (08) දින දහවල් දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිටිම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කරන සියළුම වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට ගිනිගත්හේන පොලිසිය පියවර ගෙන තිබුණි.

ප්‍රධාන මාර්ගයට පෙරලි තිබු ගලක් පුපුරවා ඉවත් කිරිමට සිදු වන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට සිමා කල බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here