ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුධ ගැටුම් සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලු පාර්ලිමේන්තුවේ
කල් තැබීමේ විවිවාදය අත්හැර දැමීමට සිදුවුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට(19) පෙරවරු 09.30 දක්වා කල් තබනු ලැබුවා.

අද (18) පස්වරු 03.30 සිට පස්වරු 05.30 දක්වා ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුධ ගැටුම්
සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් මෙම කල් තැබීමේ විවාදය ඉල්ලා යෝජනාව භාරදුන් විපක්ෂයේ සමගි ජන බලවේගයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යෝජනාව විවාදයට ගැනීමට සුදානම් වූ අවස්ථාවේ
පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් ගැටලුවක් පැනනැගුනා.

එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් සහ සභානායක බිමල් රත්නායක කියා සිටියේ රීති වලට
අනුව කල් තැබීමේ යෝජනාව භාරදුන් මන්ත්‍රීවරයාට හැර වෙනත් මන්ත්‍රීවරයෙකුට කල් තැබීමේ
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත්කළ නොහැකි බවයි.

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාත් අදහස් දැක්වීමට උත්සහ
කළ ද සභාව උණුසුම් වීමත් සමග එය මගහැරී ගියා.

සභාව තවදුරටත් උණුසුම්වීමත් සමග මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා
සභාව හෙට (19) පෙරවරු 09.30 දක්වා කල් තබනු ලැබුවා.

අද පෙරවරුවේ මෙම විවාදය ලබා ගැනීම සඳහා විපක්ෂ දැඩිව පෙනී සිටි අතර ඒ අවස්ථාවේදී
පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

කෙසේ වෙතත් විපක්ෂයේ දැඩි ඉල්ලීම මත මෙම විවාදය ලබාදීමට ආණ්ඩුවට සිදුවුණා.

එහිදි විවාදය සඳහා අද (18) පස්වරු 03.30 සිට පස්වරු 05.30 දක්වා පැය දෙකක කාලයක් ලබා දුන්
අතර එයද ප්‍රමාණවත් නැති බව පවසමින් විපක්ෂය විවාදය සඳහා කාලය තවත් පැයකින් දීර්ඝ
කරන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩුව එයට එකඟ වුයේ නැහැ.

කෙසේ වෙතත් අවසානයේ කල් තැබීමේ යෝජනාව භාර දුන් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා
සහාවේ නොසිටීම නිසා කල් තැබීමේ විවාදය අත්හැර දැමීමට සිදුවුණා.

පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 09.30 ට යලි රැස්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here