update : 5:40 PM
ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඒ, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්.
අල්ලස් කොමිසම විසින් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක වන චන්දුලා රමලි රඹුක්වැල්ල යන අයව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.