ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන
නීතිඥවරියක වෙසින් උසාවි භූමියට පැමිණ සිටි ඉෂාරා සෙව්වන්දි රටින් පිට වූ බවට
පළ වූ ලිපියක් මත ප්‍රශ්න කිරීම සඳහා ඉරිදා දිවයින පුවත්පතේ කතෘ උදේශ සංජීව
සහ මාධ්‍යවේදී ගයාන් සමරසිංහ යන අයට කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට
ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර
තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී39368//01/2025 නඩුවේ
නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය කර ඇති කරුණු වාර්තා කිරීමක් මත
ජුනි 16 වැනිදා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පොලිස් ඇස වසා ඉෂාරා සෙව්වන්දි තීනියාවලින් ඩුබායි පැන්න හැටි‘ යන සිරස්තලය
යටතේ එම ලිපිය පළ කර තිබෙනවා.
පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණ ශාලාවේදී සංජීව කුමාර
සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා
අධිකරණ කොට්ඨාශය විමර්ශනයක් සිදු කරගෙන යන බවත්, ඒ මත කොළඹ දිසා අපරාධ
කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් එම නියෝගයේ
වැඩිදුරටත් සඳහන් වනවා.