ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ‘තම රට කිසිවිටෙකත් යටත් නොවන බව’ පවසා තිබේ.
“ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසි විටෙකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළඹෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ.
ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි” අලි කමේනි අනතුරු අඟවා තිබේ.