වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ වෙළඳ සැලකින් මිලදී ගන්නා පාන් ගෙඩියක ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස දුම් පානය කරන ලද බීඩියක කොටසක් අන්තර්ගත වීම හේතුවෙන් අදාළ බේකරි හිමියාට එරෙහිව නීතිමය පියවර ගත් බව වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි .

වෙලේවත්ත ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු විසින් වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ වෙළඳ සැලකින් භාග සහිත පාන් ගෙඩියක් මිලට ගෙන තිබිණි.

එම භාග සහිත පාන් ගෙඩියේ ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස දුම් පානය කරන ලද බීඩියක කොටසක් තිබී හමුවී ඇති අතර මේ පිළිබඳව වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණිලි කොට තිබිණි.

එ අනුව සිදු කළ විමර්ශන මත අදාළ බේකරි නිෂ්පාදකයා හඳුනාගැනීමෙන් අනතුරුව එම සැකකරු මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ.

එහිදී වැලිපිටිය කොළේදණ්ඩ ප්‍රදේශයේ පිහිටි වයස 44 ක් පමණ වන බේකරි හිමියාට අධිකරණය මගින් දැඩි ලෙස අවවාද කොට සැකකරුට එරෙහිව රුපියල් තුන්දහසක මුදලක දඩයක් නියම කොට තිබිණි.

වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගාමිණී ගුණරත්න මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන සි.ඩි.ආර් යාපා මහතා. ටි.ජි.එස් රංගජීව මහතා සහ ආර්.ජි.ටි. සුභාග්‍ය. යන නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවන ලදි.

(වැලිගම – තරංග ගුණරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here