අප අතරින් වෙන් වූ ජනප්‍රිය සංගීත හා ගායන ශිල්පී සේනක බටගොඩ මහතා ගායනා කරනු ලබන අසන්නන් සහ ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය ගීත 7 ක් වන

  1. “ අපි කවුරුද”,
  2.  “ අපි සැනසිල්ලේ”, ( යන් , යන් යන්)
  3. “අළු යට ගිනි”,
  4. “රස්ථා”,
  5. “හීන වලට පණක් තියනවා”,
  6.  “හොඳම දේ”
  7. “ සැනසුම”  

යන ගීත හතෙහි පද රචනය , තනු නිර්මාණය සහ සංගීතය වෙනුවෙන් සම කතෘත්ව බුද්ධිමය දේපල අයිතියක් ජනක් කුලතිලක යන අයට ඇත්තේය යන පදනම මත ,කිසිඳු අන්තර්ජාල හා හෝ සමාජ මාධ්‍ය වේදිකාවන්හි ඉහත ගීත හත කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධ කිරීමෙන් /පළකිරීමෙන් සහ අඛණ්ඩව ඵල කිරීමෙන් සහ එකී ගීත  ඍජුව හෝ වක්‍රාකාරයෙන් අලෙවි කිරීමෙන් සහ/හෝ විකිණීමෙන් සහ/හෝ  විකිණීම සඳහා ඉදිරිපත් කිරීමෙන් සහ/ හෝ ප්‍රවර්ධනය කිරීමෙන් සහ හෝ  චිත්‍රපට / ටෙලි නාට්‍ය වල ප්‍රචාරණය කිරීමෙන් සහ/හෝ  වෙළඳ දැන්වීම් වල ප්‍රචාරණය කිරීමෙන් සා/ හෝ පිටපතක් නිෂ්පාදනය කිරීමෙන් සහ/ හෝ බෙදා හැරීමෙන් සහ/හෝ දේශීය සහ/හෝ විදේශීය සංදර්ශන වල ගායනා කිරීමෙන් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද,

  • පැමිණිල්ල්කරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත හත  වෙනත් සමාගම් වෙත  හෝ වෙනත් තුන්වන පාර්ශවීය සංගීත ආයතන වෙත හෝ වෙනත් තුන්වන පාර්ශවීය පුද්ගලයන් වෙත  එහි පිත සංස්කරණය කිරීම/ නව සංගීත තනු සංකලනයන් සමඟ බද්ධ කොට නැවත නිර්මාණය කිරීම ( remake) එහි ගීත විකෘති කිරීම හෝ එකී තනු නිර්මාණයන් සහ ව්‍යහන්‍ය කාණ්ඩ වෙනස් කරමින් කව වාක්‍ය ඛණ්ඩ ඇතුලත් කරමින් ආකෘතිය (cover songs) නිර්මාණය කිරීම සඳහා වෙනත් තුන්වන පාර්ශවයන් සමග ගිවිසුම් වලට එළඹීම හෝ ලබා දීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ඉල්ලා සේනක බටගොඩ මහතාට විරුද්ධව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බලා  රුපියල් ලක්ෂ 5 ක බැඳුම්කරයකට යටත්ව මුල් අවස්ථාවේදී විත්තිකාර සේනක බටගොඩ මහතාට  විරුද්ධව වාරණ නියෝගයක් 2024/04/02 වන දින සිට ගරු අධිකරණය විසින් නිකුත් කරන ලදී.

එකී නඩුවට විත්තිකාර සේනක බටගොඩ මහතා ඇතුලත් වෙමින් ගරු අධිකරණය නිකුත් කල වාරණ නියෝගයට හා අතුරු තහනමට විරුද්ධව එකී ගීත වල පද රචනය, තනු නිර්මාණය සහ සංගීතය සේනක බටගොඩ මහාතාගේම පමණක් බව ඔප්පු කිරීමට විරෝධතා ප්‍රකාශ සමඟ සාක්ෂි හා ලේඛන ගරු අධිකරණයට ඉදිරිපත් කල අතර, නඩුව අතරතුරදී සේනක බටගොඩ මහතා 2024/09/11 වන දින දිවියෙන් සමුගැනීම හේතුවෙන් එතුමාගේ බිරිඳ වන මරීනා බටගොඩ මහත්මිය සහ දියණිය ගායන ශිල්පිනී සෙරීනා බටගොඩ ඔහුගේ උරුමරුවන් ලෙස ආදේශිත විත්තිකරුවන් වී නඩුවට ඇතුලත් වන ලදී.

දෙපාර්ශවයේම ලේඛන හා සාක්ෂිද , දෙපාර්ශවයේම නීතීඥවරුන් ඉදිරිපත් කරන ලද ලේඛන හා සාක්ෂි ද සලකා බලා පැමිණිල්ල විසින් බැලූ බැල්මට පෙනෙන ශක්තිමත් නඩුවක් ඉදිරිපත් කර නැති බවට විනිශ්චිත නඩු තීන්දු ගණනාවක කරුණු දක්වමින් 2025/06/16 දින නියෝගය ප්‍රකාශ කරමින්  ගරු වාණිජ මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මැතිතුමන් එකී ගීත වලට විත්තිපාර්ශවයට එරෙහි එරෙහි වාරණ නියෝගය ඉවත් කරමින් අතුරු තහනම් ඉල්ලීම පිලිබදව පැමිණිලිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

සේනක බටගොඩ මහතා සහ එතුමාගේ උරුමකරුවන් වෙනුවෙන් නීතීඥ ගෞරි පීරිස් මහත්මිය සහ නීතීඥ චන්දන විජේසූරිය මහතා පෙනී සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here