මීගමුව, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සීදූව ප්‍රදේශයේ
19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදු කලේ යැයි චෝදනා එල්ල වූ මීගමුව රෝහලේ
සේවයේ නියුතුව සිටි මෙම වෛද්‍යවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ
පෙරට්ටුවකට ඉදිරිපත් කළේය.

එම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එකී තරුණිය විසින් මෙම සැකකාර වෛද්‍යවරයාව හඳුනාගෙන
තිබෙනවා.

ඒ අනුව මෙම සැකකාර වෛද්‍යවරයාව මේ මස 20 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට
මිගමුව මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කළා.

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මෙම තරුණියට පැමිණි
අවස්ථාවේදී රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතුව සිටියේ මෙම සැකකාර වෛද්‍යවරයාය.

එහිදී එම තරුණියට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් තරුණියට ලිංගික අතවරයක් සිදු කලේ යැයි කියන
එම සිදුවීම වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු 31 වැනිදාය.

ඒ අනුව පසුදින එනම් අප්‍රෙල් මස 01 වැනිදා මෙම තරුණිය විසින් මීගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය
වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

තවද මෙම තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ 02 කටද පෙනී සිට ඇති අතර ඉන් එක්
පරීක්ෂණයක් මීගමුවේද, අනෙක් පරීක්ෂණය කොළඹදී ද සිදුකරනු ලැබුවා.

මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව රෝහල් පාර්ශවයෙන් සහ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය
පාර්ශවයෙන්ද වෙන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මෙම වෛද්‍යවරයාට අධිකරණය විසින් විදේශ
ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

තවද දින 60 ක් එනම් මාස 02 ක පමන කාලයක් මෙම සැකකාර වෛද්‍යවරයා පොලිසිය සහ අධිකරණය
මඟහැර කට්ටි පනිමින් සිට ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

කෙසේ වුවද පසුගිය 02 වැනිදා මෙම සැකකාර වෛද්‍යවරයා මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර වුණා .

ඒ අනුව දින 14 ක කාලයක් එම වෛද්‍යවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා .

එම වෛද්‍යවරයා හඳුනා ගැනීමේ පෙරටුවකට පසුගිය 16 වැනි දින ඉදිරිපත් කර තිබුණු අතර එම පෙරට්ටුවේදී
එම තරුණිය විසින් මෙම වෛද්‍යවරයාව හඳුනාගත් අතර ඔහු 20 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර
ගත කරන ලෙසට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here