නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි ඉඟුරු තොගයක් කල්පිටිය පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (18) රාත්‍රී කාලයේ කල්පිටිය පොලිස් වසමේ එරබුගොඩැල්ල බංගලාවාඩිය වෙරළ තීරයේදී
කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර
තිබෙනවා.
එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද වියලි ඉඟුරු කිලෝග්‍රැම 570
අඩංගු පාර්සල් 19 ක් මෝටර් බෝට්ටුවක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
බොට්ටුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා
කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.