2025 කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අද (19) ශ්‍රී දළදා මාලිගාවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව ජූලි මස 25 වන දින පෙ.ව. 6.05ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිසාමුඛව කප් සිටුවීමට නියමිතයි.

එනම් ජූලි මස 25 වන දින සිට ජූලි මස 29 වැනිදා දක්වා පුරා දින පහක් සිව්මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවෙන් පළමු කුඹල් පෙරහැර ජූලි මස 30 වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව පුරා දින 5ක් එනම්, ජූලි 30 වනදා සිට අගෝස්තු 3 වැනිදා දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 4 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

අගෝස්තු මස 4 වැනිදා සිට පුරා දින පහක් එනම් අගෝස්තු මස 8 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වේ.

ඒ අනුව අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මස 8 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතය.

පසුදා (අගෝස්තු 9) උදෑසන සිව්මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් දිය කැපීමේ මංගල්‍යයත් එදිනම සවස දිවා පෙරහැර පවත්වා නැවත පෙරහැර ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වනු ඇති.

අනතුරුව එදිනම (අගෝස්තු 9) සවස ජනාධිපතිතුමා වෙත පෙරහැර සංදේශය භාරදීම සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here