ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු උදාර විසින් අද (19) ආරම්භ කළේය.

එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිමක් ආරම්භ කර ඇත්තේ වසර 29කට පසුව වීම විශේෂත්වයකි.

අවසන් වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1995 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති තරගයදීය.

එදින ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ, රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ විසින්ය.

එතැන් සිට මේ දක්වා තරග 260ක් ගතවන තෙක් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ දකුණත් හා වමත් පිතිකරු දෙපළක්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here