ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම පන්දුවට පහ්‍ර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දවස නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා සිටිනවා.
එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අගනා ලකුණු 187ක් රැස් කළේ, හතරේ පහර 23ක් හා එක් හයේ පහරක් සමගින්.
පැතුම්ට අමතරව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් හා සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් වශයෙන් ලබා ගත්තා.
මීට අමතරව ලහිරු උදාර රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 29ක්. තරගය නිමා කෙරෙන විට කඩුල්ලේ රැඳී සිටින්නේ කමිඳු මෙන්ඩිස් හා නායක ධනංජය ද සිල්වායි.
ඒ පිළිවෙලින් ලකුණු 37 ක් හා 17ක් වශයෙන් ලබා ගනිමින්. පන්දු යැවීමේදී හසන් මහමුද්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන් හා මොමිනුල් හක් එක් කඩුල්ලක් බැගින් දවා ගත්තා.
තරගය නිමාවන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය විසින් ලබා දුන් ලකුණු 495ක අභියෝගය හඹා යමින් ලකුණු 127ක් පසුපසින් සිටිනවා.
හෙට තරගයේ සිව් වැනි දිනයයි.