කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබෙනවා.

අබේසේකර මහතා පසුගිය වසර 06 තුළ CSE මණ්ඩලයේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාග්ධන වෙළඳපොළ තුළ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ප්‍රවීණ ප්‍රාග්ධන වෙළඳපොළ වෘත්තිකයෙකු වන අතර කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ (CSBA) වැදගත් සම්පත්දායකයෙකු ලෙස සේවය කළා.

ඔහු දැනට ලොව පුරා කාර්යාල ජාලයක් සහිත ඇමරිකානු ඩොලර් බිලියන 35 කට වඩා වටිනා වත්කම් කළමනාකරණය කරන විශේෂිත මූල්‍ය සේවා සංවිධානයක් වන පිලිප් කැපිටල් සිංගප්පූරුව සමඟ අනුබද්ධිත ආශා සුරැකුම්පත් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here