බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.
තුන්වන දිනය ඊයේ තරගය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 368ක් රැස් කරගෙන සිටියා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු 495ට වඩා ශ්‍රී ලංකාව ලකුණු 127ක් පිටුපසින් සිටිනවා.
මෙහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස්කළ අතර, එය ඔහුගේ 03 වන ටෙස්ට් ශතකයයි.
දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත් අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රිඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් රැස් කළා.