එක්දින සේවය යටතේ සතියේ දින 05 තුළ පැය 04 ක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසනවා.
ඒ අනුව, රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැදී සිටිමින් කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක්දින සේවය යටතේ දිනකට විදේශගමන් බලපත්‍ර 2000 ක් පමණ නිකුත් කරන බැවින් දිගුපෝලිම්වල රැදී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
පසුගිය කාල සීමාව තුළ විදේශගමන්බලපත්‍ර ලබාගැනීම සදහා දිවා රාත්‍රී දිගු පෝළීම් පැවතීම හේතුවෙන්, සතියේ දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දිවා රාත්‍රී පැය 24 සේවාව ආරම්භ කෙරුණා.
කෙසේවෙතත්, තදබදය මේ වන විට අවසන්ව ඇති හෙයින් වැඩකරන දිනවල උදෑසන 06 සිට පස්වරු 02 දක්වා ටෝකන්පත්‍ර ලබාදීම සිදු කරනවා.