මෙරට රැදී සිටිමින් පරිගණක අපරාධ ( Cyber Crimes ) ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු, මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී, 06/20 දින අලුයම  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පැවසීය.

මෙම චීන ජාතිකයන් පිරිස මෙරට අධිකරණය මඟින් වැරදිකරුවන් වීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව ඔවුන් පිටුවහල් කිරීමේ තීරණය මත වැලිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු රැදවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණි .

බස් රථ 05 ක පටවා ගත් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ  ගුවන් යානය වෙත ඇතුළු කර තිබුණි.

මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඇතුළු  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන විශේෂ ගුවන් යානය 06/20 දින අලුයම 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here