වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව ඊයේ 9,වැනි දිනටත් රැස්වුණා.

එහිදී සාක්ෂිකරුවන් නම දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝග නිකුත් කර තිබියදී සැඟව සිටි අවස්ථා පිළිබඳව පරීක්ෂණ කමිටුවේදී විමසා තිබෙනවා.

ඔහු සැඟව සිටි කාලයේදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ලබා දී තිබූ ප්‍රකාශයකට අනුව තොරතුරු ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ නිලධාරියා ඊයේ පරීක්‍ෂණ කමිටුව හමුවට කැඳවා තිබුණා.

එම පරීක්ෂණ කමිටුව මහින්ද රාජපක්ෂ නිලධාරියාගෙන් විමසා තිබුනේ දේශබන්දු තෙන්නකෝන්ගේ පෞද්ගලික ආරක්ෂක යා ලබා දී තිබූ තොරතුරු වලට අනුව කොස් වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසලදී දේශබන්දු තෙන්නකෝන් සිය නිල රථයෙන් පැමිණ වෙනත් වාහනයකට මාරු වී ගිය බවටයි.

මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම් අසල තිබූ CCTV පරීක්ෂා කිරීම සිදුකර තිබුණේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ නිලධාරියා විසින් ඔහු පරීක්‍ෂණ කමිටුව හමුවට CCTV දත්ත ඇතුළත් CD තැටියක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ දේශබන්දු තෙන්නකෝන් පැමිණි රථය පිළිබඳවත් ඔහු ගිය රථය පිළිබඳවත් පැහැදිලි හඳුනාගැනීමක් තමන්ට නොතිබුණත් හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්ගේ හැඩරුව අනුව ඔහු යැයි හඳුනා ගත් බවයි.

පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුවේ සභාපති ප්‍රීති පත්ම සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු අංක 7 දී පැවැත්වෙන මෙම පරීක්ෂණ කමිටුව ලබන 23,වෙනිදා යළි රැස්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here