හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජුලි මස 18 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන වරදකට අදාලවයි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට චෝදනා ගොනුකර ඇත්තේ.
නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් වෙනත් විනිසුරුවරයෙක් ඉදිරියේ කැඳවන ලෙසයි නියම කෙරුණේ.
මෙම චෝදනාවට අදාල අධි චෝදනා පත්‍ර ඉකුත් 06 වනදා හිටපු අමාත්‍යවරියට බාර දී තිබුණා.
එදින ඇය රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.
ඇයට එරෙහිව අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබෙනවා.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද ඉදිරිපත් කර තිබෙනවා.