මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම ව්‍යාපෘති අංක එක නඩත්තු වැඩ බිමේ පොලිස් මුරපොළේ රාජකාරී යොදවා සිටි පොලිස් සැරයන්වරයා ටි 56 ගිනි අවියෙන් නිකරුනේ අහසට වෙඩි තැබීම සම්බන්ධයෙන් රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ කඩවත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් එම සැරයන්වරයා පොලිස් ස්ථානයට ඉදිරිපත් කර අනතුරුව බීමත්ව සිටීද යන්න පරික්ෂා කර බැලීමට වෛද්‍ය පෝරමය සමඟින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මත් වී ඇත යනුවෙන් සහතික කළ බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් සැරයන්වරයා පෙරේදා (19) රාත්‍රී රාජකාරී යොදවා සිටියදී ඔහුට නිකුත් කර 29039034 ටි 56 ගිනි අවියෙන් රාත්‍රී 10.30- 10.50 අතර කාලයේදී මුර පොළට ඇතුළුවන දොරටුව අසලදී අහසට වෙඩි තුනක් තබා ඇතැයි පොලිසිය කියයි.
රාජකාරී වේලාව තුළදී රජයේ කාර්යාල පරිශ්‍රයක් තුළදී මත්පැන් පානය කර සිටීම හෝ ඔහු වෙතින් මත්පැන් ගඳ වාහනයවීම ,රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම,තදබල විනය විරෝධී යටතට ගැනෙන වරදක් බැවින් ඊයේ (20) දින සිට කැලණිය දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාර මහතා විසින් සැරයන්වරයාගේ
වැඩ තහනම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ)