ඉරානයේ බැලැස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය තුළ පැවැත්වීමට සැළසුම් කළ පොසොන් දන්සැල් 03ක් කල්දැමූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ටෙල් අවිව්, හර්සිලියා, ජෙරුසෙලම් හා හයිෆා යන නගරවල පොසොන් දන්සැල් දීමට සැලසුම් කළ බව තානාපතිවරයා සඳහන් කළේ ය.  

ඔහු පැවසුවේ, ටෙල් අවිව්වල පොසොන් බත් දන්සැල 3,000කට පමණ දීමට බලාපොරොත්තුවෙන් සිටි බව ය.

මහජන ඒකරාශීවීම්, උත්සව හා ජනයා සමූහයක් එකතු වන අවස්ථා සංවිධානය නොකරන ලෙස ඊශ්‍රායල් රජය දැන්වීම හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පොසොන් මාසය සිහිකිරීම සඳහා නගරවල සංවිධානය කරනු ලැබූ පොසොන් පිංකම් හා දන්සල් කල් දැමූ බව තානාපතිවරයා සඳහන් කළේ ය.  

එසේ ම, ටෙල් අවිව්ව්ල සිල් සමාදම්වීමේ ව්‍යාපාරයක් කිරිමට ද බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු කීය. 

මේ අනුව ඊශ්‍රායල් රජයේ උපදෙස් පරිදි මහජන ඒකරාශිවීම් සිදුවෙන දන්සැල් දීම කල් දැමූ බවත් බැලස්ටික් මිසයිල ප්‍රහාර දිවා රාත්‍රී දෙක මුළුල්ලේම ක්‍රියාත්මක බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here