2025 ක්‍රීඩා සමාජ පාපන්දු ලෝක කුසලානයේ A කාණ්ඩයේ තරගයක් ලෙසින් අමරිකාවේ ඉන්ටර් මයාමි සහ පෘතුගාලයේ පෝර්ටෝ කණ්ඩායම් තරග වැදුණා.

තරගයේ පළමු අර්ධයේ පෝර්ටෝ ක්‍රීඩක සමු අගෙහෝවා සාර්ථක කරගත් දඬුවම් පහර පසුපස හඹා ගිය ඉන්ටර් මයාමි ක්‍රීඩකයෝ දෙවන අර්ධයේදී ගෝල 2 ක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත්තා.

එහිදී මයාමි වෙනුවෙන් ටෙලෙස්කෝ සෙගෝවියා සහ ලියොනල් මෙසී ගෝල වාර්තා කළා. මෙසී අලංකාර නිදහස් පහරක් සාර්ථක කරගනිමින් මෙම ගෝලය වාර්තා කිරීම ද විශේෂත්වයක්.

අමරිකානු ක්‍රීඩා සමාජ පාපන්දු ඉතිහාසයේ අද වනතුරු කිසිම කණ්ඩායමක් යුරෝපීය කණ්ඩායමක් පරාජය කිරීමට සමත් වූයේ නෑ. එම වාර්තා පොත් අලුත් කරමින් මුල්ම අමරිකානු පාපන්දු ක්‍රීඩා සමාජයක් යුරෝපීය කණ්ඩායමක් පරාජය කළ අවස්ථාව බවට එය පත් වුණා.

සුපිරි දස්කම් දක්වමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහයවූ ලියොනල් මෙසී තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූ අතර මයාමි එම ජයග්‍රහණයත් සමගින් A කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here