ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් කිරීමට සමත් විය.
ඔහුගේ මෙම අර්ධ ශතක ඉනිම වාර්තා අතරට එක්වූයේ, අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.
කමිඳු ඉනිම් 22කදී මෙම වාර්තාව පිහිටු වූ අතර, ඔහු බිඳ දමනු ලැබුවේ රෝයි ඩයස් මීට වසර 40කට පමණ පෙර ඉනිම් 23කදී පිහිටුවා තිබූ වාර්තාවයි.