එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස 23 සිට
26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

මෙය 2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ
කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.

දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා
සහ අගමැතිවරයා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඇතුළු
කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්,
ආගමික නායකයින්, සිවිල් සමාජයේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් සහ
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සංචාරදී මහ කොමසාරිස්වරයා මහනුවරට ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගෙන
මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් හමුවනු ඇත.

යාපනයට සහ ත්‍රිකුණාමලයට යන වොල්කර් ටර්ක් මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල
ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂා කරනවා.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩව පවත්වාගෙන
යන ඵලදායී සම්බන්ධතාවයට අනුකූලව, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ
ආරක්ෂා කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි මෙම සංචාරය තුලදී අවධානය යොමු කරනු
ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here