මහනුවර ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් – ජාවාරම්කරු සැඟවිලා

මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මකවූ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඊයේ (20) දහවල් හතරලියද්ද පොලිස් වසමේ වෙළද සැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල්
5000/- මුදල් නොට්ටුවක් ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානය දැනුවත්
කිරීමට වෙළඳ සැල් හිමිය පියවර ගත්තා.

ඒ අනුව එහි ගිය පොලිස් නිලධාරීන් විමර්ශන සිදුකර ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන
සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000/- ව්‍යාජ මුදල් නෝට්ටු 03 ක්. රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු
02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුවී ඇති අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී
ව්‍යාජ රුපියල් 50 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නොට්ටු මුද්‍රණය
කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ
රුපියල් 5000 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිතකඩදාසි 06ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32 ක් වයසැති මහනුවර, උඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙනි.

මෙම මව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්
ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇති අතර සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට
නොමැති අතර මුදල් නොට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක්
අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම හොර මුදල් නෝට්ටු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here