යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරයෙක් වන ජර්මානු ජාතික ලුකා සෙපියර්, ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරකයෙක් වන කෞශාල් රණසිංහ සමග පසුගියදා පැවති සමාජ මාධ්‍ය සංවාදයකදී, යුරෝපා පාර්ලිමේන්තුවේ අවදානය ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාවට එරෙහිව පවතින නීති කෙරෙහි යොමුව ඇති බව සඳහන් කර තිබෙනවා.
එහිදී තවදුරටත් ඔහු සඳහන් කර තිබුණේ 2022 දී දූෂණ, වංචා සහ පවුල් පාලනයට එරෙහිව ශ්‍රී ලංකා ජනතාවගේ නැගී සිටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවදානයට ලක් වූ බවත්, වර්තමානයේ දේශපාලන යාන්ත්‍රණය පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තු පවතින බවයි.
එහිදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රගතිශීලී තීන්දුවක් ලබාදෙමින් පාර්ලිමේන්තුවේ, දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කිරීමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා තිබෙනවා.
තවද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා සෙයිපර් විසින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාවට එරෙහි පවතින නීති යටත් විජිත සමයේදී යුරෝපා ජාතිකයන් විසින් පැනවීම සම්බන්ධව තමා සමාව අයදින බවයි.