තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (21) ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

පුරා දින 05ක් තිස්සේ පැවති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ නිමාවත් සමඟ තරගය අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ වනවිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 04ක් දැවී ලකුණු 72ක් රැස් කරගෙන සිටියා.

දෙවෙනි ඉනිම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 296ක් වන අතර, තරගය අත්හිටුවන අවස්ථාව වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 12*ක්ද, නායක ධනංජය ද සිල්වා ලකුණු 12*ක්ද රැස් කරගෙන පසුවුණා.

පැතුම් නිස්සංක ලකුණු 24ක්ද, ළහිරු උදාර ලකුණු 09ක්ද, දිනේශ් චන්දිමාල් ලකුණු 06ක්ද, තම ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 08ක්ද දෙවෙනි ඉනිම සඳහා ‍රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී Taijul Islam කඩුළු 03ක්ද, Nayeem Hasan එක් කඩුල්ලක්ද දවා ගත්තා.

බංග්ලාදේශය, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් දෙවෙනි ඉනිමට පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, එහිදී කඩුළු 06ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

පළමු තරගයේදී බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් පළමු ඉනිමට ලකුණු 148ක්ද, දෙවෙනි ඉනිමට නොදැවී ලකුණු 125*ක්ද ලබා ගනිමින් ඉනිම් දෙකේදීම ශතකයන් දෙකක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී දෙවෙනි ඉනිමට බංග්ලාදේශ කණ්ඩායමේ, Shadman Islam ලකුණු 76ක්ද, Anamul Haque ලකුණු 04ක්ද, Mominul Haque ලකුණු 14ක්ද, Mushfiqur Rahim ලකුණු 49ක්ද, Litton Das ලකුණු 03ක්ද, Jaker Ali ලකුණු 02ක්ද, Nayeem Hasan නොදැවී ලකුණු 07*ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක කඩුළු 03ක්ද, ප්‍රභාත් ජයසූරිය සහ මිලාන් රත්නායක එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා.

බංග්ලාදේශ ශ්‍රී ලංකා අවසන් ටෙස්‍ට් තරගය එළඹෙන 25වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here