සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන්
භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ හා ජාතික
ළමා ආරක්ෂක අධිකාරිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැළණිය, මීගමුව,
ගල්කිස්ස, කළුකර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල. හලාවක, රත්නපුර, ගාල්ල හා මාතර
යන පොලිස් කොට්ඨාස වල ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාශ වල නිලධාරීන් යොදවා එම
කොට්ඨාසයන්හි ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළදසැල් සාප්පු සංකීර්ණ, සංඥා
පහන් ස්ථාපිතකර ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර ඇත.

එහිදී සිහමින් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන ලද බාල වයස්කාර
දරුවන් 21 දෙනෙකු භාරයට ගෙන ඇති අතර ඔවුන් සුදුසු භාරකාරත්වයට පත්කිරීමට කටයුතු කර
ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here