ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් අද වන විට එම ක්‍රමයේ වෙනස වචනවලට පමණක් සීමා වී ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට පත්ව ඇති බවත් වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය වීම නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමුවන බොහෝ දෙනා ඉන් ඉවත් කිරිම සහ ඉන්ධන බලශක්ති මාෆියාව තවත් ශක්තිමත් කිරීම සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ගෝලීය වෙළෙදපොළ් සිදුවන වෙනස්කම් රුපියල අවප්‍රමාණය වීම යන ගැටලුවලට සූර්ය බලශක්තිය විශාල ශක්තියක් බවත් මෙය විදේශ විනිමය රටින් පිටවීම පවා අවම වන නිසා මේ තීරණය ගැන නැවත සිතා බලන ලෙසත් ඉන්ධන මාෆියාව ඉඩ නොදී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන ලෙසත් ගජමිතුරු ඉන්ධන බල මාෆියාව මේ රජයද ගිලගෙන අවසන් බවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සෛරීත්වය වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here