යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (21) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

මරණකරු මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here