මීටර 100 ධාවන ඉසව්ව වෙනුවෙන් මෙවර තරග සමයේ තම හොඳම කාලය වාර්තා කිරීමට, කෙටි දුර ධාවන ශූරි යුපුන් අබේකෝන් සමත් විය.

ඒ, ඊයේ ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී ය.

ජර්මනියේ පැවති “ඇන්හැල්ට් – 2025” මලල ක්‍රීඩා තරගාවලියේදී යුපුන් අබේකෝන් මීටර 100 ධාවන ඉසව්ව නියෝජනය කළේය.

එහිදී ඔහු මූලික තරගයේදී හිමි කරගත්තේ තුන්වැනි ස්ථානයයි. ඒ සඳහා යුපුන් අබේකෝන් ගත කළ කාලය තත්පර 10 යි, දශම 3 යි බින්දුවකි.

අනතුරුව ඔහු මීටර 100 අවසන් තරගයට සහභාගී විය.

ඉන් යුපුන් පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 10 යි, දශම 1 යි අටක කාලයක් වාර්තා කරමින්ය.

යුපුන් අබේකෝන් මිටර 100 ධාවන ඉසව්ව සඳහා මෙවර තරග සමයේදී වාර්තා කළ ‍හොඳම කාලය ලෙස එය සටහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here