විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායෙන්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත
ඊයේ (22) ජා ඇල පොලිස් වසමේ කදාන ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්‍රීය
පිස්තෝලයක්, එම පතරොම් ගැබ් 03ක් සහ එම පතොරම් 30 ක්ද, විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් ගිනි
අවියක් සහ එම පතොරම් 10 ක් සොයාගනු ලැබුවා.
සැකකරු වයස අවුරුදු 47 ක් වන ජා ඇල ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ගිනි අවි කිසියම් අපරාධයක් සඳහා යොදා ගෙන තිබේද යන්න ගැන පරීක්ෂණ කණ්ඩායම් වල
අවදානය යොමුවී තිබෙනවා.
ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.