විවිධ පාර්ශ්ව විසින් චෝදනා නගනු ලැබුවත් යාපනය විශ්ව විද්‍යාලය තුළ සිසුන් මත්ද්‍රව්‍ය
භාවිත කළ බවට හෝ ළග තබා ගත් බවට පාලන අධිකාරියට කිසිදු පැමිණිල්ලක් මෙතෙක්
ලැබී නොමැති බව යාපනය විශ්ව විද්‍යාලයේ ලේඛාකාධිකාරීවරයා විසින් නිවේදනය කොට
තිබෙනවා.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පිරිසක් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ පාලන
අධිකාරියෙන් කරණ ලද ඉල්ලීමකට අනුව ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විස්තර
ඇතුළත්ව ලේඛකාධීකාරීවරයා විසින් එම නිවේදනය නිකුත් කොට ඇත.
යාපනය විශ්ව විද්‍යලයේ සිසුන් විවිධ අවස්ථාවලදී පොලිස් අත් අඩංගුවට පත් වූ විට එම සිසුන්ට
එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ බව පෙන්වා දෙන යාපනය විස්ව විද්‍යාලට එවැනි සිදුවීම් යාපනය
විශ්ව විද්‍යාලයෙන් පරි බාහිර ස්ථාන වලදී සිදුව ඇති නිසා ඊට යාපනය විශ්ව විද්‍යාලයට කිසිදු
වගකීමක් භාර ගැනීමට නොහැකි බවද ලේඛකාධීකාරීවරයා විසින් නිකුත් කළ නිවේදනයේ
වැඩිදුරටත් සදහන් කරනවා.