ඇමෙරිකානු ප්‍රහාර “කෝපාවිෂ්ඨ” ක්‍රියාවක් ලෙස හෙළා දකින බව ඉරාන විදේශ අමාත්‍ය
සෙයිද් අබ්බාස් අරග්චි පවසනවා.

තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විකල්ප ක්‍රියාමාර්ග ගැනීම ගැන
ඉරානය සලකා බලමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා.

“අද උදෑසන සිදුවීම් අතිශය පිළිකුල් සහගතයි. මෙය සදාකාලිකව ම ප්‍රතිවිපාක ඇති කරනු
ඇති…. එක්සත් ජාතීන්ගේ සෑම සාමාජිකයෙකුම මෙම අතිශය භයානක….නීති විරෝධී සහ
සාපරාධී හැසිරීම ගැන කනස්සල්ලට පත්විය යුතුය,” රාන විදේශ අමාත්‍ය
සෙයිද් අබ්බාස් අරග්චි සිය X ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස එක්සත් ජනපදය එක්සත්
ජාතීන්ගේ ප්‍රඥප්තිය “බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවට අරග්චි චෝදනා කරනවා.

ඊශ්‍රායලය සමඟ එක්වීමෙන් එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවා දී ඇති බව ඉරාන
විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි රුසියානු ජනධිපති ව්ලැඩිමීර් පුටින්
හමුවීමට සුදානම් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here