පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහා නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකිවුණා. 

හම්බන්තොට මහා නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (23) දින නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී. ඒ. ගාමිණී හම්බන්තොට මහා නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here