මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාව පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධුරයට සමුදෙන ලදී.
නව ලේකම්වරයා ලෙස පත්වූ හර්ෂණ සූරියප්පෙරුම, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේ ම වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ලැබුවා.