හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.
රුපියල් මිලියන 36.9 ක ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන් සජින් වාස් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
2010-2012 වසර සඳහා ව්‍යාපාරික සජින් වාස් ගුණවර්ධන විසින් ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 දී මෙම නඩුව ගොනු කර තිබිණ.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට සිතාසි කිහිපයක් ලැබී ඇති නමුත් අධිකරණයේ පෙනී නොසිටි බවයි.
ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තුවක් නිකුත් කළා.