මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස
ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව ඇති බව
ශ්‍රී ලංකාව පවසනවා
එම තත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන්
තරයේ ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ විදේශ අමත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්
කියා සිටිනවා.
මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා
ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍යතාන්ත්‍රික
ප්‍රයත්නවල නිරත විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.