ආන්දෝලනාතමක ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි, තවමත් රටින් පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණයව නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවයි.

එමෙන්ම ඉෂාරා සෙව්වන්දි සතුව තිබූ සියලු තොරතුරුත් වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය කරගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”මෙහෙම විරල අවස්ථාවන් එකක් දෙකක් තියෙන්න පුළුවන්. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව තවම ඇය රටින් පැනගිය බවක් අනාවරණය වන්නෙ නෑ.

මේ සිද්ධියට අදාළව සමස්තයක් හැටියට ගත්තාම මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරුත් වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වෙලා තියෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here