ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය “දැන් ක්‍රියාත්මක” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා දෙරටින්ම ඉල්ලා සිටින්නේ, එය උල්ලංඝනය නොකරන ලෙසයි.

”කරුණාකර එය උල්ලංඝනය නොකරන්න!” (Truth Social post)

ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පැය කිහිපයකට පසු, ඊශ්‍රායල රජය සටන් විරාමයට එකඟ වන බව තහවුරු කර ඇති අතර, “ඕනෑම උල්ලංඝනය කිරීමකට ප්‍රතිචාර දක්වන” බවටත් අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඊශ්‍රායලය සිය සියලු යුද ඉලක්ක සපුරා ගත් බැවින් සටන් විරාමයට එකඟ වූ බවයි.

රයිසින් ලයන් මෙහෙයුමේදී, ඊශ්‍රායල රාජ්‍යය අතිවිශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඉරානය මීට පෙර සඳහන් කළේ ඊශ්‍රායලය ද එකඟ වුවහොත් පමණක් තම ප්‍රහාර නතර කරන බවයි.

මේ අතර, ආසන්නතම ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායලය වාර්තා කළා. සටන් විරාමය ක්‍රියාත්මක වීමට පෙර “අවසාන මිසයිල වටයක්” එල්ල කළ බවයි ටෙහෙරානයේ රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here