දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයවර්ධනපුර
රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය, ප්‍රධාන ලිපිකරු සහ වෛද්‍යවරියගේ
සේවකයෙකු තව දුරටත් ලබන ජුලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ප්‍රධාන
මහේස්ත්‍රාත් තනෝජා ලක්මාලී ජයතුංග නියෝග කළා.

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේශි සූරසිංහ විජේරත්න ,
එම රෝහලේ කළමනාකරණ සහකරුවෙකු කැකුලන්දල ලියනගේ ඉන්දික සහ මෙම වෛද්‍යවරිය
අනීතික ලෙස පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයේ සේවය කළ නිමල් රංජිත් යන අය මෙලෙස
අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිපත් කරනු ලැබුවා.

පසුගිය ජුනි 17 වන දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට අද දින යලි අධිකරණයට ඉදිරිපත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here