අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට තමන් එකඟ බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවක් ගත වීමෙන් පසු ඉරානය විසින් සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් බරපතල හානියක් ඊශ්‍රායලයට සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානයේ සටන් විරාම උල්ලංඝනයට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් ටෙහරානය වෙත ප්‍රහාර එල්ල කරන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා මේ වන විට එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.
කෙසේ නමුත් සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට වන පුවත අසත්‍ය බව ඉරානයේ ISNA සේවය සඳහන් කර තිබෙනවා.
මීට පෙර ඉරාන විදේශ ඇමතිවරයා සදහන් කර සිටියේ තමන්ට එරෙහි ප්‍රහාර නතර කරන තුරු තමන් සටන් විරාමයක් පිළිනොගන්නා බවයි.
එවන් පසුබිමක සටන් විරාමයට එකඟ වන බව ඊශ්‍රායාලය නිවේදනය කළ නමුත්, ඉන් පැය දෙකක් ගත වීමටත් පෙර ඉරානය විසින් මෙම මිසයිල ප්‍රහාරය දියත් කර ඇති බවටයි ඊශ්‍රායාලය චෝදනා කරන්නේ.
න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජන ඉවත් කිරීම ඉරානයට පහර දීමේ අරමුණ වූ බවත්, ඊශ්‍රායලයට එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බැවින් තමන් සටන් විරාමයට එකඟ වන බවත් බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර තිබුණා.