සියල්ල ස්වාධින කරන බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රමුක මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනී –

  • කරණය කරමින් සිටින බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති
මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ තින්දු තිරණ ඉදිරියේදී ගනු
ලබන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී බවයි.

මෙහෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මෙසේද පැවැසීය….

‘‘සෑම දෙයක්ම ස්වාධීන කරනවා යැයි අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික
ජනබලවේග ආණ්ඩුව දැන් සෑම දෙයක්ම දේශපාලනීකරණය කරමින් යන බවක්
පෙනෙන්න තිබෙනවා…..ඒ වගේම මුදල් අමාත්‍යාංශය ස්වාධීන කරන බව , ඒ වගේම මහා
භාණ්ඩාගාරය ස්වාධීන කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා…. එම ආයතන දේශපාලනිකරණය
කිරීමට ඉඩ ලබාදෙන්නේ නෑ කියලා අනුර දිසානායක ඇතුළු පිරිස ප්‍රකාශ කළා…. ඒ වගේම
පොදු ජාතික වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වන දේශපාලකයින්ගේ ඔනෑ එපාකම් මත
උච්චා වචනය වන මුදල් අමාත්‍යාංශයත් , මහා භාණ්ඩාගාරයක් නිර්මාණය කරන්නේ නැති
බවත් අනුර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශ කළා….. කෙසේ නමුත් ආණ්ඩුවේ
නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස සේවය කළ හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවෙන්
ඉල්ලා අස්වී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගෙන තිබෙනවා…. ඒ වගේම
හර්ෂණ සූරියප්පෙරුම යනු අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ළඟම හිතවතෙක්….. ඒ …
වගේම රටේ ආර්ථිකය පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන් සිටියදී තමයි අනුර
දිසානායක ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හර්ෂණ සූරියප්පෙරුම
මහතාව පත් කරගැනිමට කටයුතු කරලා තිබෙන්නේ……..

ඒ වගේම පී බී ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කරන විට , අජිත් නිවාඩ් …
කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත්කරන විට හෙළා දැකීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු
කළා….. ඒ වගේම ආණ්ඩුවේ ගජමිතුරන්ට මහබැංකුව සහ භාණ්ඩාගාරය භාරදුන් බව තමයි
අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළේ…. ඒ වගේම මහින්ද රාජපක්ෂ සහ
රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගජමිතුරන්ට රටේ ආර්ථිකය භාරදෙන්න කටයුතු කළා….
ඒ හරහා රටේ ආර්ථිකය පවා.. බංකොලොත්භාවට පත් වුණා….. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ
මහතා ඔහුගේ හිතමිතුරන්ට රටේ ආර්ථිකය හසුරුවන්න භාරදීම හරහා රනිල් වික්‍රමසිංහ මහතා
ඔහුගේ හිතමිතුරන්ට රටේ ආර්ථිකය හසුරුවන්න භාරදීම හරහා සිදුවුණ නීරස සිදුවීම් පවතිද්දී
අනුර දිසානායක ජනාධිපතිවරයාත් ඔහුගේ හිතමිතුරෙකුට රටේ ආර්ථිකය හසුරුවන්න ඉඩලබාදිලා
තිබෙනවා… මහින්ද රාජපක්ෂ මහත්තයා නෙලුම් මාවගේ දී තමයි රටේ ආර්ථිකය පිළිබඳව
තින්දු තිරණ ගත්තේ…. ඒ දේවල් වෙනස් කරන බව ජනතාවට ප්‍රකාශ කර බලය ලබාගත්ත අනුර
දිසානායක මහතා දැන් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී රටේ ආර්ථිකය
පිළිබඳව තින්දු තිරණ ගන්න කටයුතු කරනවා…. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ තින්දු තිරණ ඉදිරියේදී
ගනු ලබන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here