ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත
කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ්
නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන හරහා ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට
බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත
තත්ත්වයකට පත් කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව
ඉදිරියේ දී නඩු පවරන බව අල්ලස් හෝ දුෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන්
කරනවා.
එවකට කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5කට
ආසන්න මුදලක් වැයකර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දී ඇත්තේ “මරාන්තික බැක්ටීරියා සහිත
වතුරත්, ලුණු වතුරත්” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉකුත් 19 වැනි දා මලිගාකන්ද
මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා
විසින් මේ පිළිබඳව එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දුෂන කොමිෂන්
සභාවට පැමිණිලි කරනු ලැබුවා.
ඔහු කළ පැමිණිල්ලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඒ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවා.
2023 ඔක්තෝබර් 13 වන දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
විමර්ශන සිදු කළා.
ඒ අනුව, අවුරුද්දයි මාස 08ක් සහ දින 06ක් තුළ විමර්ශන අවසන් කර සිද්ධියට අදාළ විමර්ශනවල
උද්ධෘත පසුගිය පෙබරවාරි 06 වන දා, නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව පැවරූ නඩුව ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේද
විභාගයට ගැනීමට නියමිතයි.
ඒ අතරම අල්ලස් හෝ දුෂන කොමිෂන් සභාව විසින් ඉදිරියේ දී නඩු ගොනු කරනු ඇත.