හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්බලන්තොට, බෙරගම පදිංචි 28 හැවිරිදි සැකකාරියක්
රුපියල් 8,000 ක දඩයක් ගෙවීමේදී රුපියල් 5,000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සහ අනෙකුත් මුදල් නෝට්ටු මෙම කාන්තාව විසින් ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණ මුදල් අයකැමිවරයා ව්‍යාජ මුදල් නෝට්ටුව හඳුනාගෙන අධිකරණ පරිශ්‍රයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට වහාම දැනුම්දීමෙන් පසු සිද්ධිය අනාවරණය වී තිබෙනවා.