විදෙස් රැකියා ලබාදෙන බවට පවසා රුපියල් කෝටි 5 කට අධික මුදලක් වංචා කළ
අයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයන් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 කගෙන් පමණ කොම්පඤ්ඤ වීදිය
පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී තිබෙනවා.
පැමිණිලිවලට අදාලව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාන්ධ විමර්ශන කාර්යංශයේ නිළධාරීන්
විසින් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටි 05 ක අධික
මුදලක් වංචා කර ඇති බවයි.
ඒ අනුව ඊයේ (24) කිරුලපන පොලිස් වසමේදී සැකකරු අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය
පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
සැකකරු වයස අවුරුදු 37 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොම්පඤ්ඤව්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.