බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය අද (25) සිට සීමා කරන බව පොලීසිය පවසනවා.

එම සමුළුව අද (25) දින සහ ජුනි 27 සිට ජූලි 05 දක්වා දිනවලදී, බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ කොටුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඉහත දිනවල උදෑසන 07.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණී වටරවුමෙන් ඩී.ආර්. විජේවර්ධන මාවතට කන්ටේනර් රථ, ගල් හා වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here