වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා .

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු, ළමයෙකු වශයෙන් නිර්වචනය කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ .

නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, රටේ මුළු ජනගහණයෙන් 30%ක් පමණ ළමා ජනගහණයට අයත් .

ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බව, තමාගේ මව හෝ පියා සමඟ, එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස “වීදි දරුවෙකු ” බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමඟ පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බව හඳුනාගෙන තිබෙනවා .

ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 – 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියා වල යෙදවීම 2025 -07-01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන අදාළ බලධාරින් මඟින් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මඟින් මහජනතාව දැනුම්වත් කිරීමටත් සිය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරි විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here