ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මියගිය සිවිල් වැසියන් අතර ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
23 හැවිරිදි කිවිඳියක් සහ ඉංග්‍රීසි උපාධිධාරිනියක් වන පර්නියා අබ්බාසි, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ ඔවුන්ගේ මහල් නිවාස ගොඩනැගිල්ලට ඊශ්‍රායල මිසයිලයක් වැදීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.
ඇගේ දෙමාපියන් සහ බාල සහෝදරයා ද මිය ගිය පිරිස් අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අබ්බාසි පවුල මීට මාස හයකට පෙර සත්තාර්කාන් වීදියේ ඕර්කිඩේ සංකීර්ණයේ නිදන කාමර තුනකින් යුත් නව මහල් නිවාසයකට ගොස් තිබුණා.
පර්නියා අබ්බාසි ලබන සතියේ 24 වන වියට පා තැබීමට නියමිතව සිටි බවද සදහන්.